கபீர் ஹாசிம் இராஜினாமா

ஐக்கிய தேசிய கட்சியின் பொதுச் செயலாளர் பதவியில் இராஜினாமா செய்யப் போவதாக அமைச்சர் கபீர் ஹாசிம் கூறியுள்ளார்.

பதவி விலகுவதற்கான தனது இராஜினாமா கடிதத்தை அந்தக் கட்சியின் தலைவர் ரணில் விக்ரமசிங்கவிடம் வழங்க உள்ளதாக அவர் கூறினார்.

கட்சியின் மறுசீரமைப்பு பணிகளுக்கு ஒத்துழைப்பு வழங்கும் நோக்கில் தனது செயலாளர் பதவியை இராஜினாமா செய்யப் போவதாக அவர் அறிவித்துள்ளார்.

අමාත්‍ය කබීර් හෂිම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
අද(05) දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන් බව  කබීර් හෂිම් අමාත්‍යවරයා අද දෙරණට සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය පළ කිරීම සඳහා තමා පක්ෂයේ මහලේකම්ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව කබීර් හෂීම් මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාවට අදාළ කටයුතු අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කන්ඩායමට දැනුම් දීතිබුණි.
ඒ අනුව පක්ෂයේ නව නිළධාරීන් මණ්ඩලය ලබන 30 වනදාට පෙර පත් කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ලබන 07 සහ 08 යන දෙදින තුළ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  කණ්ඩායමේ සහභාගීත්වයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *