ඇමැති අතාවුදට එරෙහි නඩුව විභාගයට අවසර (English / සිංහල)

වරකාපොළ – කොහොඹදෙනිය පානීය ජල ව්‍යාපෘතියකට පහරදී විනාශ කර රුපියල් දසලක්ෂ අසූ දහසක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න ඇතුළු විත්තිකරුවන් 18 දෙනාට පවරා ඇති නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කළා. නඩුව 2015 පෙබරවාරි 11 වැනිදා විභාග කෙරෙන අතර, එදිනට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසද වරකාපොළ මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

ඊයේ (03) දිනයේද අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, මහේස්ත‍්‍රාත්වරයා දෙපාර්ශවයෙන්ම විමසුවේ නඩුව සමථයකට පත්කර ගැනීමට එකඟතාවය පළ කරන්නේද යන්නයි. අගතියට පත් පාර්ශවය රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ඉල්ලා සිටියත් විත්ති පාර්ශවය ලක්ෂ 05 ක් පමණක් ලබාදීමට එකඟ වීම නිසා නඩුව විභාග කිරීමට තීරණය කෙරුණා.

The Warakapola Magistrate Court decided to hear the case against 18 suspects including senior minister Athauda Seneviratne for allegedly destroying a drinking water scheme at Kohombadeniya and causing damage of one million and 80 thousand rupees.

The Warakapola Magistrate ordered the suspects including the senior minister to appear in the court on the 11th of February 2015.

The senior minister together with other suspects were present in court yesterday, and the magistrate asked the two parties whether they would like to settle the case amicably.

Later the magistrate allowed the case to proceed as the respondents did not agree to pay one million rupees in damages.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares