ඇසළ පුන් පොහොය අද යි

බෝසත් චරිතයේ මෙන් ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද යි.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කිරීම හේතුවෙන් මෙම පොහොය දිනය ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායන්ට ඉතා ම ත් වැදගත් දිනයකි.

වෙසතුරු ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ද අද වැනි උතුම් දිනකදී ය.සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කළේ ද අද වැනි දිනක බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

තමා අවබෝධ කරගත් පරම සත්‍ය ලෝක සත්ත්වයා වෙත දේශනා කර ඔවුන් සසරින් මුදවා ගැනීමේ අරමුණින් බුදුරාජාණන් වහන්සේ සිය මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව පැවැත්වූවේ ද අද වැනි ඇසල පුර පසළොස්වක පොහොය දිනකදී ය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares