සෑම තත්පර 7 කට එක අයෙක් දියවැඩියාවෙන් මරු තුරුලට

දියවැඩියාව කියන්නේ මොකක්ද ?
ඒක එක විදියක ලෙඩක්.
අපේ ශරීරය ක්‍රියත්මක කිරීම සඳහා ශක්තිය අවශ්‍යයි.එම ශක්තිය ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ සීනි,පිටි සහ තෙල් වැනි ආහාර වර්ග ශරීරයේ
සෛල තුලදී දහනය කිරීමෙන් එය ශරීරය තුල සිදුවන තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්.එමක්‍රියාවලිය අඩාල වීම නිසා හටගන්නා තත්වය,දියවැඩියාව ලෙස හඳුන්වන්න පුළුවනි.


diabetes-symptoms
දියවැඩියා රෝග ලක්ෂණ

1.අධික බඩගින්න
2.ශරීරය අප්‍රාණික වීම.
3.අධික දහදිය
4.හාද ස්පන්දනය වේගවත් වීම.
5.අධික පිපාසය.
6.ඇස්පෙනිම දුර්වල වීම.
7.අධික මහන්සිය (විඩාබව )
8.විටෙන් විට මූත්‍රා පිටවිම.
9.තුවාල සුව වීමට කල්ගත වීම.
10.සිහිමදකම,සිහි නැතිවීම(කෝමා තත්වය )
* දියවැඩියා රෝගය ඉහත කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර වැළදී තිබිය හැකිය.

මෙම රෝගය ඉන්ග්‍රීසියෙන් හදුන්වන්නේ ඩයබටිස් මෙලයිටස් කියලා.සමහර විට දියවැඩියාරෝගීන්ගේ රෝග විනිශ්ච පත්‍රිකා වල එය කෙටි යෙදුමක් ලෙස D.M.යනුවෙන්ද සදහන් කරනවා.ඩයබටිස් මෙලයිටස් කියන මෙම රෝගය ජනවහරේ දියවැඩියාව හෙවත් මූත්‍රා වැඩිපුර පහවීම ලෙස භාවිතා කලත් බොහෝ දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල මෙම රෝගය හදුන්වන්නේ මධුමේහය නමිනි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares