නිවාස වලින් ‘ඉවත්’ වෙන්න – ඊශ්‍රායලය

මධ්‍යහනය වන විට තව දුරටත් ආරම්භ විය හැකි ගුවන් ප්‍රහාර හේතුවෙන් උතුරු ගාසා තීරයේ වෙසෙන පලස්තීන වැසියන්ට තම නිවෙස් වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු හඟවා සිටියි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පාබළ හමුදා මෙහෙයුම් ප්‍රථම වතාවට ආරම්භ වන මොහොතේයි, ඊශ්‍රායල නාවික අණ දෙන නිලධාරීන් මෙම අනතුරු හැඟවීම සිදු කර ඇත්තේ.මිසයිල ප්‍රහාරක ස්ථානයක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයකදී ඊශ්‍රායල සෙබළුන් හතර දෙනෙකු තුවාල ලැබූ බවයි ඊශ්‍රායලය පවසන්නේ.

නමුත් ඊශ්‍රායල පාබළ සෙබළුන් එම ස්ථානයට නොපැමිණි බව හමාස් සංවිධානය පවසයි.රාත්‍රිය පුරා ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර එක් ගුවන් ප්‍රහාරයකින් පලස්තීන පොලිස් ප්‍රධානියකුගේ නිවසේ සිටි පුද්ගලයන් දහ හත් දෙනෙකු මිය ගොස් තිබේ.

ටෙල් අවීව් නුවර ඇතුළු ඊශ්‍රායල නගර ඉලක්ක කර හමාස් සංවිධානය තව දුරටත් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන බවත් පැවසේ. මෙම සතිය ඇතුළතදී එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් එකසිය හැටකට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ.

10547438_782536045122151_7778096532456505810_n

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares