ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාරයේ දී දහස් ගණනකගේ ජීවිත බේරු ඉස්ලමික ආරක්ෂක නිලධාරියා

ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාරයේ දී දහස් ගණනකගේ ජීවිත බේරු ඉස්ලමික ආරක්ෂක නිලධාරියා

ලෝකයේ සියළුදෙනාම පැරිස් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන කඳුළු වගුරද්දී මරාගෙන මැරෙන බෝම්බකරුට ස්ටේඩ් ඩී. ෆ්‍රාන්ස් ක්‍රීඩාංගනය තුලට ඇතුළුවීමට ඉඩ නොදී දහස්ගණනකගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියෙකු පිළිබඳ තොරතුරු වාර්ථා වේ.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාම් ආගමිකයන් හට චෝදනා රැසක් එල්ලවන අතර දෛවයේ සරදමකට මෙන් මෙසේ දහස් ගණනකගේ ජීවිත රැකගැනීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරීයාද ඉස්ලාම් භක්තිකයෙකි.2015-11-14T003024Z_1_LYNXNPEBAD00H_RTROPTP_4_FRANCE-SHOOTING-e1447465924667-1024x440

වාර්ථා වලට අනුව මෙම ආරක්ෂක නිලධාරියාගේ නම සොහීර් ලෙස හඳුනාගෙන තිබේ. සැකකරු සතුව ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා අවශ්‍ය ටිකට් පත් ඔහු සතුව තිබූ නමුත් සොහීර් අදාල සැකකටයුතු පුද්ගලයාට ක්‍රීඩාංගනය තුලට ඇතුළු වීමට අවස්ථාව ලබා දී නොමැත.

සොහීර් ප්‍රකාශ කලේ තමා සහ අනෙකුත් ආරක්ෂකයින් ඔහුගේ කබාය තුල තිබූ පුපුරණ දුව්‍ය ගිණිකෙලි යයි සිතූ බවත් කෙසේ වෙතත් ජනාධිපති සහ අගමැති සහභාගී වී සිටීම නිසා සැකකටයුතු පුද්ගලයාට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට අවස්ථාව නොදුන් බවත්ය. සැකකරු තමාට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවස්ථාව නොලැබුන විට ක්‍රීඩාංගනයට එලියේ සිට සිය බෝම්බය පුපුරුවාහැරීමට කටයුතු කළ බවයි.

ඉන් මිනිත්තු කිහිපයකට පසු තවත් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ක්‍රීඩාංගනයෙන් පිටත සිය බෝම්බය පුපුරවාගෙන තිබේ. මේ අනුව බෝම්බ කරුවන්ගෙන් කිසිවෙකුට ක්‍රීඩාංගනය තුලට ඇතුළු වී තම ප්‍රහාරය සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබී නැතැයි ද ඔහු පැවසීය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares