බොදු බල සේනා සංවිධානය සිදු කරමින් සිටින්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව එහි ක්‍රියාකාරී සාමාජිකයකුව සිටී ජාඇල නගර සභාවේ හිටපු සභාපති අංජු පෙරේරා මහතා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකර ඇත.
”මම වසර 1,1/2 කට වැඩි කාලයක් බොදු බල සේනා සංවිධානය සමග සම්බන්ධ වෙලා හිටියා. හැබැයි මම එක් වුණේ බෞද්ධයන්ට විය යුතු කාරණා රාශියක් තිබුණ නිසා. ඒ අය එක්ක ඉද්දි තේරුණා මේ කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් විත්තිය. ආණ්ඩුවට එරෙහිව රටේ ජනතාව පෙළගැහෙන අවස්ථාවලදී ඒ මතය වෙනස් කරන්න තමයි බොදු බල සේනාව වැඩකළේ. බොදු බල සේනාව කියන්නේ ආණ්ඩුවේ හස්තයක්. අද සිංහල බෞද්ධයන් ඔවුන් සමග නැහැ. වෙන අය බොදු බල සේනාව ගැන කතා කළේ කරුණු හොයාගෙන. නමුත් මම කතා කරන්නේ ඇස් දෙකෙන් දැකපු දේවල්.” යැයි පැවසීය.
එම මතය අද වනවිට එහි ක්‍රියාකාරී වැඩකොටසක් කළ පුද්ගලයකුගේ හෙළිදරව්වෙන්ම තහවුරු වන බවත් එයට සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් සඳහන් නොකරන්නේ ජිවිත සම්බන්ධව යම් ප්‍රශ්නයක් ඇතිවන නිසා බව අංජු පෙරේරා මහතා සඳහන් කරයි .