මාවනැල්ලේ වෙළඳ සැලකට කඩා පැන්න හොරෙක් කොටුවෙයි (CCTV දර්ශන)

මාවනැල්ලේ වෙළඳ සැලකට කඩා පැන්න හොරෙක් කුණු කාණුවකදී කොටුවෙයි. අද අලුයම 01ට පමණ මාවනැල්ල නගරයේ පිහිටි වෙළෙඳ සැලට එම පුද්ගලයා ඇතුළු වී තිබුණි. නිවසේ සිට මෙම දර්ශන නිරීක්ෂණය කළ වෙළෙඳසැල් හිමිකරු අදාළ සිදුවීම පිළිබඳව මාවනැල්ල පොලිසිය දැනුම් දී තිබුණා.

කෑගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අතුළු මාවනැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් අලුයම 2 ට වෙළෙඳ සැල වෙත පැමිණියහ.පොලිසිය සඳහන් ක‍‍ළේ, එම අවස්ථාවේදී සැකකරු වෙළෙඳ සැලෙන් පැන ගොස් ඒ අසළ පිහිටි කාණුවක සැඟවුණු බව ය.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් කාණුව පරීක්ෂාවට ලක් කළත් ඔහු සොයාගත නොහැකි වී තිබේ.

පසුව උදෑසන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ මාවනැල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු එම කාණුව යළි පරීක්ෂා කළ අවස්ථාවේ එහි සිටි සැකකරු අත්අඩංගුවට ගැනිණ.ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලීසිය සඳහන් කළේය.

New Picture

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares