මාවනැල්ල අධිකරණයේදී ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් කොළඹට එවයි

මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්ෂි රෝහලට යවා තිබේ. ඔවුන් අද දහවල් අක්ෂි රෝහලට රැගෙනවිත් ඇති බව සඳහන්ය.

මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂක කටයුතු වල නියැළි සිටියදී අද අළුයම 5.30ට පමණ මෙම පොලිස් නිලධාරින් දෙදෙනා ඇසිඩ් ප්‍රහාරයට ලක්විය.

පොලිස් කොස්තාපල් ඒ.ජයරත්න සහ පොලිස් ආරක්ෂක සහයක පී.වික්‍රමනායක යන මහත්වරු මෙම ප්‍රහාරයට ලක් වූ බව සඳහන්ය.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා මාවනැල්ල මූලික රෝහලටත් අනතුරුව කෑගල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවුණි.

කොළඹ ජාතික අක්ෂි රෝහලට ඔවුන් මාරුකර යැවුණේ ඉන් පසුවය.

ශරීරයේ අභ්‍යන්තර අවයව වල තිබූ දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කෙරුණු ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

17 වැනි දින පැවත්වීමට නියමිතව තිබු අන්තවාදී විරොධතා පෙලපාලියට තහනම් නියොග ලබා දුන් අධිකරණයෙන් පලිගැනීමෙ ක්‍රියාවක්.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සනත්ද සිල්වා මහතා පැවසුවේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පොලිස් ආරකෂක සහයකවරයාගේ ඇස්වල දැඩි පිළිස්සුම් තුවාල ඇති බවයි.

 

download (4) download (5) download (6)

6016b2c88b7a612011b24a6438b8a1d2dd676d98a0f27f5f09f9c082738ccd90-002

cfa758448e67053abb587978da48255194d965d448c6e233523a5a9ef0aaaca9-002

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares