මැද පෙරදිග තත්ත්වය අමෙරිකානු නිර්මාණයක්

ඔබාමා පරිපාලනය ඉස්ලාමීය රාජධානියට එරෙහිව ආරම්භ කළ ගුවන් ප‍්‍රහාර මෙහෙයුම දැන් මහා පරිමාණයෙන් කි‍්‍රයාත්මක කරන්නට පටන් ගෙන ඇති බව ප‍්‍රකාශිත ය. ඒවා ඉරාකය හා සිරියාව යන දෙරටේ සිට ම දෙපැත්තට ම එල්ල වන බව පැවසේ. මෙහි අරමුණ අබු බකර් අල්-බැග්ඩෑඩි ප‍්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයේ නායකයන් සමූලඝාතනය බව පැවසේ. සති කිහිපයක් තිස්සේ මෙම මෙහෙයුම අධීක්‍ෂණය කරන එක්සත් ජනපදයේ මැද පෙරදිග මධ්‍යම මෙහෙයුම් ආඥාව, ඔවුන් ඉලක්ක කැර ගනිමින් මිලාධික කෙටිදුර මිසයිල් ඒ සඳහා භාවිත කරන්නේ ය’යි නම හෙළි නොකළ එම ආඥාවේ නිලධාරියකු පැවසූ බව වෝල් ස්ටී‍්‍රට් ජර්නල් වාර්තා කළේ ය. ඔහුට අනුව ‘දඩයමේ යෙදිය යුත්තේ සුදුසු ම වේලාවේ’ ය.

මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන ප‍්‍රධාන අර්බුදය නම් මෙලෙස සාධාරණීකරණය කරගැනීම අපහසු යුද්ධයකට ඇදී යෑමයි. පසුගිය අවුරුදු 50 මු`ඵල්ලේ ම ඔවුන් කළේ රට රටවලට කඩා වැදී කෲරත්වය වැපිරීමයි. ඔවුන්ගේ් නොසැලකිල්ල නිසා ද නොයෙක් අපරාධ සිදුවිය. අමෙරිකානු පාලක පැලැන්තියේ සුවිශේෂභාවය එයයි.

දුරදක්නා හැකියාවැ’ති පරිපාලන සහ හමුදා නිලධාරීන්ගේ සටහන් සහ බලගතු මාධ්‍ය සිරස්තල හා වාර්තා සැමවිට ම මුස්ලිම් ලෝකය ගැන වොෂින්ටනයට අනතුරු හැ`ගවීය. එහෙත් ඒ කිසිවකුත් දිගින් දිගටම අමෙරිකා එක්සත් ජනපදයේ මෙම කි‍්‍රයා නිසා මැද පෙරදිග කලාපයේ තත්ත්වය බිහිසුණු වනු ඇති බවට අනතුරු හැ`ගවූයේ හෝ අනාවැකි කීවේ හෝ නැත.
යුද්ධය මගින් රටවල් නතු කැර ගැනීමෙන් සහ සීඅයිඒ පිටුබලයෙන් ආණ්ඩු පෙරළීම මගින් අමෙරිකානු පාලක පන්්තිය ඇති කළේ මහා වින්නැහියකි. ආගමික නිකාය අතර ගැටුම් ද සිවිල් යුද්ධ ද නිර්මාණය කළෝ ඔවුහු ය. අතේ දුරින් තිබෙන උදාහරණය නම් ෂියා ලබ්ධික අසාද්ගේ පාලනය පෙරළන්නට සුන්නි ලබ්ධික කැරලිකරුවන්ට මිලිටරි පුහුණුව ලබා දීමයි. පසුව ඉසිස් ප‍්‍රධාන මෙහෙයුම් කණ්ඩායම වූයේ ඒ පුහුණුලාභීන් ය.

මෙවර ඔබාමා පරිපාලනය මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූව වී ඇත්තේ යුද්ධයේ හොරණෑ ලෙස කි‍්‍රයාකරන මාධ්‍ය වාර්තා ජනතාවට අරුචි වීමයි. මැද පෙරදිග යුද පුවත් කෙරේ දැන් අමෙරිකානු ජනතාව තුළ ඇත්තේ බරපතළ විරෝධයකි. එක් අතකින් වොෂින්ටනයේ යුද වෙළෙඳුන් ගැන දැන් ඔවුන්ට දැනීමක් තිබේ. අනෙක් අතට අනුන්ගේ රටවල ප‍්‍රශ්න විසඳන්නට පෙර තමන්ගේ රටේ නොවිසඳුණු ගැටලූ අසංඛෙයක් තිබේ.

එලෙස මැදපෙරදිග යුද්ධයට පොදු ජනතාව අතර ගැඹුරට විහි දී ගිය මුල් සහිත විරෝධයක් පවතින හෙයින් සිරියාවේ සහ ඉරාකයේ යුද්ධය සාධාරණීකරණය කරන්නට ඔබාමා පරිපාලනයට අලූත් හේතු සොයන්නට සිදු ව තිබේ. පසුගිය මාසය වොෂින්ටන් බලධාරීන්ට ගෙවුණේ මැදපෙරදිග තමන් පවත්වා ගෙන යන අසාධාරණ යුද්ධය සාධාරණීකරණය කිරීමට නව හේතු නිර්මාණය කරන්නටය.

එහි පළමු පියවර වූයේ කඳුකර සයිඩි ගෝති‍්‍රකයන් මුදා ගැනීමේ මෙහෙයුම ය. ඒ ප‍්‍රදේශයේ අමෙරිකානු කොන්සල් කාර්යාලයක් තිබිණි. ඒ කාර්යාලය සහ එහි සිරවී සිටි අමෙරිකානුවන් බේරා ගන්නට නම් මෙහෙයුමක් අවශ්‍ය බව ඕවල් කාර්යාලය ප‍්‍රකාශයට පත් කළේ ය.

ඉසිස් ද ඊට නොදෙවෙනි ලෙස අමෙරිකාව කුපිත කළේ පසුගිය 19දා අමෙරිකානු පුරවැසියකු වන ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පී ජේම්ස් ෆෝලේ ම්ලෙච්ඡු ලෙස ගෙල සිඳ ඝාතනය කෙරුමෙනි. දෙවසරකට පෙර සිරියාවේ දී අල්ලා ගැනුණු ඔහු ඒ දක්වා කැරලිකරුවන්ගේ අඩංගුවේ පසුවිය. ඉසිස් විසින් ම අන්තර්ජාලයට මුදා හරින ලද ඡුායාරූප සහ වීඩියෝවලට මහත් ප‍්‍රචාරයක් ලැබුණු අතර ඉස්ලාමීය මූලධර්මවාදීන් කෙරේ මහත් පිලිකුළක් හා ද්වේෂයක්් ඇති කරවන්නට ඒවා සමත් විය.

ෆෝලේගේ ඝාතනය විසින් වොෂින්ටනය මෙතරම් බියපත් කළේ මන්දැයි පැහැදිලි නැත. අරාබි රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදයේ සමීපතමයා වන සවුදි අරාබිය නිතිපතා මෙවැනි ඝාතන සිදු කරයි. අගෝස්තු 19දා ද එවැනි හිස්ගසා දැමීම් එහි සිදුවූ බව වාර්තාගත ය. එසේ ගෙල සිඳ මරා දැමෙන්නේ වහලූන් ලෙස සැලකෙන ආගමනික නැනීලා සහ ඉස්ලාමයේ වහාබ් පාර්ශ්වයට එරෙහිව කෙරෙන ‘අපරාධවලට’ වරදකරුවන් වන පුරවැසියන් ය. වොෂින්ටනය ඒවා සම්බන්ධයෙන් නිහඬබව මැනැවින් රකියි.

පෙන්ටගනයේ උපාය මාර්ගික විශ්ලේෂකයකු වන ඇන්තනි කෝඞ්ස්මන්ගේ විශ්ලේෂණයකට අනුව ජේම්ස් ෆෝලේ යනු මනුෂ්‍යයකුය යන්න සැබෑවක් වුවත් ඔහුගේ විශේෂ වැදගත්කමක් නොමැත. ‘මෙවැනි පුද්ගලයකු උපාය මාර්ගික වැදගත්කමක් ඇත්තකු සේ ගත යුත්තක් නොමැත. මෙවැනි එක් මරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප‍්‍රතිචාර දැක්වීම යනු වගකීම් විරහිත බව ප‍්‍රදර්ශනය කිරීමකි.’

එහෙත් ඔබාමා පරිපාලනය ෆෝලේ ඝාතනය ත‍්‍රස්තයන්ට එරෙහි යුද්ධය විස්තාරණය කිරීමේ හේතුවක් ලෙස යොදාගෙන ඇති සෙයකි. ‘ඔබ අමෙරිකානුවන් හඹා එනවා නම් අපිද ඊට ප‍්‍රතිචාර දක්වමු’ යන්න ජනාධිපතිවරයාගේ මතය බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බෙන් රෝඞ්ස් මාධ්‍ය හමුවේ පැවසී ය.

පසුගිය ඉරිදා (24) නව තේමාවක් එළි දැක්විණි. කලාපීය බලයක් ලෙස ඉසිස් ශීඝ‍්‍ර වර්ධනයක් අත්පත් කැරගෙන ඇතැ’යි ගාඩියන් වෙබ් අඩවියේ පසුගිය දා පළ වී තිබිණ. රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියකු පැවසූ බව සඳහන් කරමින් එය පෙන්වා දුන්නේ ඉසිස් යනු ඊස‍්‍රායෙලය ළ`ගට මැද පෙරදිග සිටින ඊළ`ග බලවතා බවයි. දකුණු කැරොලිනාහි සෙනේටර් ලින්ඞ්සේ ග‍්‍රහැම්, සීඑන්එන් සමග පවසා ඇත්තේ ෆෝලේ ඝාතනය ත‍්‍රස්ත කි‍්‍රයාවක් බවයි. ‘ඔවුන් ත‍්‍රස්තයන්. ඔවුන් සරසවි සිසුන්ගේ කණ්ඩායමක් නොවෙයි. බලගතු එමෙන් ම හොඳින් සන්නද්ධ කණ්ඩායමක්.’
මේ විකෘත අතිශයෝක්ති, යුද්ධයට තවත් බොරු හේතු සපයයි. ඒ ගණන් බැලීම් අනුව ඉසිස් මේ වනවිට ජෝර්දානය වැනි එක්සත් ජනපද ඇලියේ රටවලට සහ තුර්කිය වැනි නැටෝ රටවලට තර්ජනයකි. ඒ අනුව ඔවුන් ආරක්‍ෂා කරන්නට වොෂින්ටනය බැඳී සිටියි.

ඇතැම් විට නොඑක`ගතා තිබුණ ද පෙන්ටගනය, ඕවල් කාර්යාලය, කොන්ග‍්‍රසය සහ ඔවුන්ගේ මාධ්‍ය සගයන් සියලූ දෙන අමෙරිකානු අධිරාජ්‍යවාදය නමැති හුයෙන් බැඳී සිටින බව පැහැදිලි ය. මේ ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන සියලූ මතවාද, තර්ක හා උපාය මාර්ග යනාදියේ පදනම වනුයේ ගොතන ලද බොරු ය. ඔවුන් මානුෂික හේතු ලෙස ඉදිරිපත් කරන ඒවා කිසි විටෙක නිර්ව්‍යාජ නොවේ.

අමෙරිකානු අධි රාජ්‍යවාදයේ නියම ඉලක්කය කිසිදා කරළියට නැගෙන්නේ නැත. ඒ වනාහි භූ දේශපාලනයේ අධික මිලක් නියම කැරෙන පොසිල ඉන්ධන නිධිවලින් සශී‍්‍රක මැද පෙරදිග කලාපයේ ප‍්‍රමුඛයා වීමයි. ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් බුෂ් ඉරාකයට පහර දුන්නේත්, ඔබාමා ලිබියාවට පහර දුන්නේ සහ සිරියාව උඩියටිකුරු කළේත් පලස්තීනයට පහර දෙන්නට සහ ඉරානයට තර්ජනය කරන්නට ඊස‍්‍රායෙලයට මුදල් පොම්ප කරන්නේත් ඉසිස් ඇති කළේත්, දැන් ඊට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන්නේත් ඒ අරමුණු ඇතිව බව වටහා ගත යුතු ය.

-Ravaya-

Barack-Obama-2014

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares