ලොව පුරා ඊශ්‍රයලයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ මුස්ලිම්වරුන් පමණක් ද..?

ඊශ්‍රයලයට විරුද්ධ වීම යනු මුස්ලිම්වරුන්ගෙ කාර්යක් පමනක් බවත් ලොව අන් රටවල ජීවත්වන බහුතරයක් සාමාන්ය ජනතාව ඉස්‍රායලයේ ක්‍රියා කලාපය පැසසුමට ලක්කර ඇති බවත් අප රට තුල වැරදි අවබොධයක් තිබෙන බව පෙනේ.

නමුත් මුස්ලිම් සමාජය ඊස්‍රයාලයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මූලිකත්වය ගනු ලබන්නෙ ඔවුන් ගාසා තීරයට එල්ලකරන මිලේච්ජ ප්‍රහරය සෘජු වම හේතු වුනත්…..

ලොව පුරා ඊශ්‍රයලයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ මුස්ලිම්වරුන් පමණක් ද යන්න සොයා බැලීම කාලොචිතය.
මුස්ලිම්වරුන් බහුතරයක් නොවන අමෙරිකාව කනඩාව ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල රජයේ ප්‍රතිපත්ති කෙසේ වූවත් එහි ජීවත්වන බහුතරයක් මහජනතාව
ඊශ්‍රයලයට දඩි විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙ.

විශේෂයෙන් 81 % වඩා වැඩි කතොලික ජනඝහනයකින් යුක්ත බොලිවියානු රජය ඊශ්‍රයලය ත්‍රස්තවාදි රටක් හැටියට ප්‍රකාශ කොට ඇත.

මේ වනතුරු බොලිවියාවට පැමිණීමට ඊශ්‍රායල ජාතිකයන්ට වීසා අනිවාර්යව තිබුනේ නැත.

නමුත් බොලිවියානු රජය දැන් එය අනිවාර්ය කර ඇත.එපමක් නොව ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිලිබන්දව කරුණුවලට ගරු නොකරන බවත් විශ්වයේ මානව අයිතීන්වලට එරටබලවත් තර්ජනයක් බවත් බොලිවියානු නායකයා ප්‍රකාශ කර ඇත.

එපමනක් නොව අනිකුත් දකුණු ඇමෙරිකානු රටවල්වන බ්‍රසීලය, චිලී රාජ්‍ය, ඉක්වඩොරය සහ පෙරු රාජ්‍ය තම තමන්ගේ තානාපතිවරුන් ඊශ්‍රයාලයේ සිට නැවත තම රටට ගෙන්වා ගෙන ඇත.

ඉහත කිසිදු රටක් මුස්ලිම් රටවල් නොවන අතර මුස්ලිම්වරුන් මේ රටවල්වල ජීවත්වෙන්නේ ඉතා සුලු පිරිසකි.

ලොව පුර ජාති ආගම් කුල බේදවලින් තොරව උගත් නූගත් මනුෂ්‍යත්වය අගයන සියලු ජනයා ඊශ්‍රයලයේ මෙම කුරිරු ක්‍රියාකාරකම් හෙලා දකින බව ඉතා පැහදිලිය.

එයට සාදක ද අප්‍රමානවත් ව අපට දෛනිකව අසන්නට ලැබේ.

එයට හේතු සාදක කුමක්ද යනු අප ඊශ්‍රයලයේ ඉතිහාසය සහ වර්තමානය අධ්‍යයනය කර අවබොද කරගනීම කාලොචිතය.

ඊශ්‍රයලයේ කෲරත්වය මුස්ලිම්වරුන්ට පමණක් නොව මානව සංහතියටම ඔවුන් කල සහ කරමින් පවතින අපරාද සහ හිංසන විස්තර කිරීමට දෙමළ බසින් අධ්‍යාපනය ලබූ මාගේ සිංහල දැනුම ප්‍රමාණවත් නොවන බව මා සිතමි.

එම කාර්ය ශ්‍රීලාංකිය බුද්ධිමත් පාඨකයින් ඔබට පවරන්නෙමි.

මුස්ලිම්වරුන් කෙරෙහි තිබෙන කෝපය සහ වෛරය හේතුකොටගෙන ලොව පුර ජාති ආගම් කුල බේදවලින් තොරව උගත් නූගත් මනුෂ්‍යත්වය අගයන සියලු ජනයා හෙලා දකින ඊශ්‍රායලයට සහය දකවන්නට පෙලම්බීමෙන් අපේ රටට තිබෙන කීර්තියට බලවත් හානියක් සිද්ධවන්නට ඉතා වඩි ඉඩ කඩක් තිබෙන බව නම් පැහදිලිය.

ඊශ්‍රයලයට සහය දක්වන්නන්ට ලෝක වාසි ජනතාවගේ ප්‍රතිචාර ද ඔවුන් ඊශ්‍රයාලයට දක්වපු ඉහත කී ප්‍රතිචාරයට සමානව හෝ එයට වඩා පහත් එකක් වීම වලකාලන්නට බැරි වනු ඇත.

Pro-Palestinian demonstration to boycott Israel

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares