සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි….

හුදෙක් දේශපාලන වාසි පිණිසම වර්තමානයෙහි වැපිරෙන මිථ්‍යාවෝ රැුසකි. ඉන් මුල් තැන ගන්නක් නම් සිංහලයා (හෝ සිංහල බෞද්ධයා) වඳවෙමින් පවතින ජනවර්ගයක්ය; අනාගතයේ සිංහලයා මේ රටේ සුළුතරයක් වන්නේය යන කැත බොරුවයි. ස්වාභිවෘද්ධිය පිණිස දත්ත හා සංඛ්‍යාන විකෘති කරන්ට තමුන්ට ලයිසමයක් ඇත්තාක් සේ හැසිරෙන එක්තරා වර්ගවාදී දේශපාලන නායකයකුට අනුව මේ සිංහලයා අපේ රටේ බහුතරයක් වන අවසාන සියවසලූ!

මේ බොරුව කැත වන්නේ ඇයි? මේ බොරුව වපුරන සිංහල වර්ගවාදී දේශපාලන පක්ෂ හා සංවිධානවල එකම අරමුණ එමඟින් ස්වභාවයෙන්ම භාවාත්මක හා පැරනුවා සිංහල බෞද්ධ මනස අවුස්සා බියපත් කොට ඒ බිය ස්වකීය දේශපාලන ගමනෙහි ආයෝජනයක් කර ගැනුම නිසාය. මේ බොරුව බිඳිය යුත්තේ එබැවිනි. ලංකාවේ ජනගහන පිරමිඩය තුළ සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද හෙළි කළ යුත්තේ එබැවිනි.

සාර්ථක හැම බොරුවක් පසුපසම යම් ඇත්තක් පවතී. මෙහිදීද වෙනසක් නොවේ. මේ බොරුව නිර්මාණය වන්නේ යම් පමණෙකට සැබෑ දත්ත මතය.

66482838_buddhist_rally_getty

රටේ පැවැති යුදමය වාතාවරණය නිසා 1991 දී හා 2001 දී පවත්වන්ට තිබුණු ජන සංගණනයන් එවකට රජයේ පාලනය යටතේ නොපැවති පෙදෙස්හි පවත්වන්ට අවස්ථාවක් නොලැබේ. (ඇත්තටම ජන සංගණන වළකන්ට එල්.ටී.ටී. ඊ. සංවිධානයට ප‍්‍රබල හේතූන් වෙයි. එකක් උතුරු හා නැගෙනහිර දෙපළාත්හි ජනගහනය ගැන ඔවුන් පවත්වා ගත් බොරුව ජන සංගණනයෙකින් බිඳ වැටෙන්ට ඉඩ තිබීමයි. දෙවැන්න මේ පළාත්හි, එක්තරා දුරෙකට, මියගිය විශ‍්‍රාමිකයන් වෙනුවෙන්, ඔවුන්ගේ මරණ වාර්තා නොකොට, ඥාතීන් විසින් ලබා ගත් විශ‍්‍රාම වැටුප් ලැබීමේ ඉඩ ඉදිරියට අහිමිව යෑමයි.) මේ නිසා 2011 ජන සංගණනයේ දත්ත කට්ටලය අපට සංසන්දනය කරන්ට වන්නේ ඉන් පෙර පූර්ණව පැවැති 1981 දත්ත කට්ටලය සමඟය. පහත පැනෙන වසර තිහෙක ජනානුපාත වෙනස (වගුව -1) සමහර ජන කොටස් බිය ගන්වන සුලූය.

සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප‍්‍රතිශතයක් වශයෙන් වැඩිවී ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප‍්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප‍්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට ”අපේ රැු

table-01-1024x459

හැ” පොඞ්ඩකින් ප‍්‍රසාරණය වෙද්දී ”උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුලූය.
මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යා කයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත‍්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප‍්‍රසාරණය වූයේ කවර ප‍්‍රමාණවලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප‍්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප‍්‍රසාරණය වී ඇති ප‍්‍රමාණයයි.

මේ දත්ත පමණක්ම සිංහල ජාතිය සුළුතරයක් වේය යන මිථ්‍යාව බැහැර කරන්ට ප‍්‍රමාණවත් වේය නොසිතමි. හැබැයි, මේ දත්තවලින් පවා ගත යුත්තක් තියේ. ඒ අප කථා කරන ජනගහන ප‍්‍රසාරණයේ තරම අවබෝධ කොට ගැන්මය. උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගනයේ ප‍්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහනයේ ප‍්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප‍්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප‍්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැ’යි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන්කමක් වේද?

හැම ජනවර්ගයක්ම එකම නියත ප‍්‍රතිශතයකින් ප‍්‍රසාරණය වීමක් ලෝකයේ කිසිම බහු වාර්ගික රටක දක්නා නොලැබේ. මෙසේ වන්නේ එක් එක් ජනවර්ගයේ ප‍්‍රසාරණය (හෝ සංකෝචනය) ඒවායේ සංස්කෘතිය, අධ්‍යාපනික හා රැුකියා අවස්ථා, පර්යටනය, යුද්ධ හා කැරලි කෝලාහල, ස්වාභාවික උපද්‍රව, ආර්ථික තත්ත්ව යනාදී සාධක අටෝරාසියක් මත රැුඳී පවතින නිසාය.
උදාහරණයක් සේ ඇමෙරිකා එක්සත් ජනපදය සලකමු. 1950 දී ඇමෙරිකානු ජනගහන යෙන් 87% ක් සුද්දෝය. කල්ලන් 10% පමණක් වන අතර 3% ක් හිස්පැනිකය. වෙනත් ජනවර්ග නොගිණිය හැකි තරම් අල්පය. වසර 2000 වන විට සුද්දන්ගේ ප‍්‍රතිශතය පහෙන් එකක් පමණ ඇදවැටී 70% ක් වෙයි. සුළුතරයන් දෙකම තමන්ගේ ප‍්‍රතිශතය වැඩි කර ගන්නා මුත් වඩා කැපී පෙනෙන්නේ 10% ක් වන හිස්පැනිකයන්ගේ වර්ධනයයි. වසර 2008 වන විට සිය පළමු කළු හා පළමු සුළුතර ජනාධිපති තෝරා පත් කොට ගන්ට තරම් ජනවර්ගයන්හි තුලනය වෙනස් වේ. (ඇමෙරිකානු ඡුන්දදායකයා අප සේ හැමවිටම ‘අපේ එකා’ටම ඡුන්දය දෙතැයි මෙයින් අදහස් නොවේ. එහෙත් 87% ක සුදු බහුතරයක් වී නම් කළු ජනාධිපතිවරයකු පත් කොට ගැනීම සිහිනයක් පමණක් වන බව සැක නැත.) මේ වන විට ඇමෙරිකාවේ සුදු ජනගහනය 63% දක්වා වැටී ඇති අතර ඒ වර්ධන වේගයන් එසේම පැවතුණොත් 2050 දී එය 47% වන්ට නියමිතය. හිස්පැනික ජනගහනය ඒ වන විට 30% ඉක්මවා යනු ඇතැයි සැලකේ. ඒ වන විට තවත් 10% ක් සමන්විත වනු ඇත්තේ 1950 දී සලකනු නොලැබීමට තරම් කුඩා වූ ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ය.

ලංකාවේ තත්ත්වය මීට ඉඳුරා වෙනස්ය. පසුගිය වසර සියයක පමණ දත්ත උපයෝගී කර ගෙන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව පෙනී යන කරුණු දෙකක් වේ. පළමුවැන්න මේ වසර සියයක කාලය තුළ ප‍්‍රධාන ජනවර්ග තුන අතුරින් කිසිම ජනවර්ගයක ප‍්‍රතිශතය දරුණු ලෙස වෙනස් වීමකට භාජනය වී නැති බවයි. දෙවැන්න ඒ වර්ධන වේගයන් එසේම පවතින්නේ නම් සිංහලයා මෙරට සුළු ජාතියක් වීමේ අවදානම අතිශය සීමිත බවයි. වී ඇත්තේ හා වන්ට ඉඩ ඇත්තේ එහි අනෙක් පැත්තය. එනම් සමහර කුඩා ජනවර්ග වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ දී සිටීමයි. උදාහරණයක් හැටියට 1881 අපේ රටේ පළමු විස්තරාත්මක ජනසංගණනයේ සිට 1981 දක්වාම අඛණ්ඩව 0.3% කට මඳක් වැඩි ප‍්‍රතිශතයක් පවත්වා ගත් ලාංකීය මැලේ ජනගහනය 2011 දී 0.2% ට වැටෙයි. 1931 දී ලක්ෂ අටක් වූ ඉන්දියානු දෙමළ ජනගහනය අදත් ඊට සමාන අගයක් ගත්තද ප‍්‍රතිශතයක් වශයෙන් 15% පමණ සිට 4% ට වැටෙයි. නිදහස ලබා ගන්නා සමයේ 0.6% කට වැඩි වූ බර්ගර්/ඉයුරේසියානු ජනගහනය අද වන විට 0.2% කි. මේ සියල්ලට හේතු අපට පැහැදිලිය. ඉන්දියානු දෙමළ ජනගහනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් සිරිමා-ශාස්ත‍්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට ගියහ. බර්ගර්, මැලේ ජනතාව යම් ප‍්‍රමාණයක් 1956 න් ඇරැුඹි සිංහලයට ප‍්‍රමුඛත්වයක් ලැබුණු යුගයේදී සංක‍්‍රමණය වූවා හෝ සිංහලකරණය වූවා විය හැකිය. මේ කිසිවකට හේතුව යම් ජන කොටසක් අඩුවෙන් හෝ වැඩියෙන් බෝ වීමම නොවේ.

1911 න් ඇරැුඹෙන දශකයේ පටන් අද දක්වා ලංකාවේ එක් එක් ජනවර්ගයන්හි වාර්ෂික වර්ධන වේගයන් ගණනය කරන්ට ජනසංගණන දත්ත භාවිත කළ හැකිය.
මෙය සියයට සියයක් නිවැරදි ප‍්‍රවේශයක්ය මම නොකියමි. ඊට හේතු රාශියකි. ජනසංගණන පැවැත්විය යුතු නිශ්චිත කාලාන්තරවලදී වුවද හැම විටම එසේ වී නොමැත. උදාහරණයක් හැටියට 1941ට නියමිත සංගණනය පැවැත්වෙන්නේ ඉන් වසර පහකට පසුව 1946 දීය. (මෙය ලෝක යුද්ධය නිසා බව ලෙහෙසියෙන් අවබෝධ කොට ගත හැකියි.) මෙලෙස වසර දහයකට වරක් ලබා ගත යුතු දත්ත සමහරවිට ලබා ගෙන ඇත්තේ වසර 8, 12, 15 ආදී වශයෙන් අවිධිමත් කාල පරිච්ඡෙදවලයි. එසේම සමහර අවස්ථාවලදී දත්ත ලබාගෙන ඇත්තේ විධිමත් ශීර්ෂ ගණනයකින් නොව ඇස්තමේන්තුවලිනි. මෙයින් 2001 ඇස්තමේන්තුව දුර්වලම එක වන්නේ සමහර දත්ත ලබා ගත හැකි වන්නේ පෙර හා පසු සංගණන දත්තවල මධ්‍යන්‍යයෙන් පමණක් නිසාය.
මේ දුර්වලතා ඇතිව වුවද 1911 න් ඇරැුඹෙන දශකයේ සිට 2001 න් ඇරැුඹෙන දශකය සඳහා ජනවර්ග වර්ධන වේගයන් ගණනය කොට පහත පැනෙන පරිදි වගුගත කරමි. (වගුව – 2) (එක් දශම ස්ථානයකට වටයන්නේ පාඨකයාට අවබෝධ කරගන්ට පහසු වන ලෙසයි. ඍණ සංඛ්‍යාද වරහන් තුළ දක්වා ඇත.)

වගුව 2:

table-02

1. සිංහල දෙමළ, මුස්ලිම් ප‍්‍රධාන ජනවර්ග තුනම (නොසලකා හැරිය හැකි එක් අවස්ථාවක් හැරුණු විට) ඍණ ජනගහන වර්ධනයක් නොපෙන්වයි. මේ ජනවර්ග තුනම විස්තාරණය වේ. ඒ 1.0 % පමණ අවමයකින්ද 2.5 % පමණ උපරිමයකින්ද සිතිය හැකි වාර්ෂික වර්ධන වේගයකිනි.

2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථාවලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයන් දළ වශයෙන් සමානය. උදාහරණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැුඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප‍්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි.

3. පසුගිය සියවසේ මුල භාගයේදී, පොදුවේ හැම ජනවර්ගයක්ම පිණිස වාර්තා වූ සාපේක්ෂව අඩු වර්ධන වේගයන් සියවසේ මැද හරියේදී, විශේෂයෙන්ම නිදහස ලැබුවායින් පසු වැඩිවී උපරිමයකට ළඟා වූවාක් සේ පෙනේ. (මේ මැලේරියාව මර්දනය, සෞඛ්‍ය සේවාවන් දියුණු වීම, ආර්ථික සංවර්ධනය, දේශපාලන සුරක්ෂිතභාවය වැනි කාරණා නිසාය සිතිය හැක්කේය.) ඉන්පසුව මේ වර්ධන වේගයන් යළි ක‍්‍රමයෙන් අඩු වීමට පටන් ගනියි. ඒ මන්ද කෙළින්ම කිව නොහැකිය.

4. ජනගහන වර්ධන වේගයන් ශීඝ‍්‍රයෙන් අඩුවන හැම අවස්ථාවකම වාගේ අපට ඊට හේතු දැක්විය හැකිය. නිදසුනක් හැටියට උතුරේ යුද්ධය ආරම්භ වූවායින් පසුව දෙමළ ජනගහනයේ වර්ධන වේගය අඩුවේ. එසේම සිරිමා-ශාස්ත‍්‍රී ගිවිසුම ක‍්‍රියාත්මක වූ කාලයට සැණෙකින් පසුව ඉන්දියානු දෙමළ ජනගහනයේ වර්ධන වේගයන් පහත බසී. ඒ හැරුණු විට හුදෙක් බෝවීම පමණක් මත වර්ධන වේගයන් වෙනස් වන අවස්ථා දකින්ට නැති තරම්ය.

(කරුණාකර අවසාන කොලමට වැඩි බරක් නොදෙන්න.මේ කතා කරන්නේ ඉතාම අතිශය සීමිත ජනගහනයක් ගැනය. සුළු ගණනක වෙනසකින් වුව එහි ලොකු ප‍්‍රතිශත වෙනසක් විය හැකිය.)
දැන් අපි මේ යම් පිරිසකට ලොකු ගැටලූවක් වී ඇති මුස්ලිම් ජනගහනයේ ඓතිහාසික වර්ධන වේගයන් සලකමු. මේ දත්තවලින් අපට කරුණු කිහිපයක් පැහැදිලිව පෙනේ. එකක් මුස්ලිම් ජනගහනයේ සාපේක්ෂව වැඩි වර්ධන වේගය අලූත් දෙයක් නොවන බවයි. එය එක්කෝ අනෙක් ප‍්‍රධාන ජනවර්ග දෙකේ වර්ධනයට සුළු වශයෙන් වැඩිව හෝ සමානව තිබී ඇත්තේය. එසේම අදට වඩා වැඩි වර්ධන වේගයන් තිබුණු අවස්ථාද ඇති තරම් අතීතයේ වූ බවයි. මේ නිසා සිංහලයා වඳ නුවූයේ නම් හා සුළුතරයක් බවට පත් නුවූයේ නම් අද සාපේක්ෂව ඊට අඩු වර්ධන වේගයන් නිසා එසේ විය හැක්කේ මක් නිසාද?

මේ දීර්ඝ අටුවාව නැතිව වුවද සිංහල ජනවර්ගය අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව වර්ධනය වෙමින් පවැති හා පවතින බව ලෙහෙසියෙන් ඔප්පු කළ හැකිය. (අටුවාව අවශ්‍ය වන්නේ එය ප‍්‍රකාශ කළ පසුව පැනනැඟිය හැකි වෙනත් ප‍්‍රශ්නවලට පිළිතුරු දැක්වීම පිණිසය.) ඊට අවශ්‍ය වන්නේ 1911 සිට ජනසංගණන වර්ෂ පිණිස සිංහල ජන වර්ගය එක ගොඩකටත් අනෙකුත් සියලූ ජනවර්ග අනෙක් ගොඩටත් දමා වගුගත කිරීමයි.

(වගුව -3) (ප‍්‍රතිශතය ආසන්නම පූර්ණ සංඛ්‍යාවට දක්වා තියේ.)

table-03

මේ දත්තයන්හි අඩු ලූහුඬුකම් තිබිය හැකිය. මුලින් කී ලෙස ජනසංගණන කාලාන්තරයන් වෙනස් වීමේ බලපෑම ඊට දැනුණා විය හැකිය. එසේම ඇස්තමේන්තු දත්ත යම් ප‍්‍රමාණයක් මෙහි ඇතුවා විය හැකිය. එසේ වුවත් සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිලිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි.

මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය.

– චානුක වත්තේගම –

நன்றி – Ravaya

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares