සෝභිත හිමිගේ දේහය අද රාත්‍රීයේ දිවයිනට!

අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය සිංගප්පූරුවේ සිට මෙරටට වැඩම කරවීමට පියවර ගෙන ඇති බව රජය පවසයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.15ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් උන්වහන්සේගේ දේහය මෙරටට වැඩම කරවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් ගුවන් යානය අද රාත්‍රී 9.15ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතය.

එසේම හෙට උදෑසන සිට එළඹෙන බ්‍රහස්පතින්දා දින දක්වා ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ නිසළ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාව වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේදී තැන්පත් තිබේ.

sobitha-thero-1

ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

කලක් රෝගතුරව සිටි අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පසුගිය 03 වන දින වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත වැඩම කරවනු ලැබුවා.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වුණා.

1942 වසරේ මැයි මස 29 වන දින මාදුළුවාවේ දී උපත ලැබු පතිරගේ දොන් රත්නසේකර, මාදුළුවාවේ සෝභිත නමින් 1955 වසරේ දී පැවිදි දිවියට ඇතුළත් වනවා.

විද්යෝදය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගන්නා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති ධුරයට පත් වන්නේ 1967 වසරේදී යි.

ශ්‍රී ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යය භාරයක් ඉටුකළ උන්වහන්සේ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ආරම්භ කිරිමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළා.

සෝභිත හිමි පිළිබඳ මතකය අවදි කරමින් උන්වහන්සේගේ නැගෙනිය මාලනී පතිරගේ මහත්මිය මෙලෙස අදහස් පල කළා.

கோட்டை நாக விகாரையின் விகாராதிபதி வணக்கத்திற்குரிய மாதுலுவாவே சோபித தேரர் இன்று (08) அதிகாலை இயற்கை எய்தினார்.

சிங்கப்பூர் வைத்தியசாலை ஒன்றில் சிகிச்சை பெற்றுவந்த நிலையில் அன்னார் காலமானார்.

73 வயதில் காலமடைந்துள்ள மாதுலுவாவே சோபித தேரர் சிறந்த ஆன்மீக தலைவராக செயற்பட்டுள்ளதுடன் நியாயமான சமூகத்தை உருவாக்குவதற்காக உயரிய தலைமைத்துவத்தை நல்கியவரும் என்பது குறிப்பிடத்தக்கது.

உள்நாட்டிலும் சர்வதேச ரீதியிலும் பௌத்த தர்மத்தின் வளர்ச்சிக்காக அரும்பாடுபட்ட மாதுலுவாவே சோபித தேரர் இனங்களிடையே சக வாழ்வினையும் ஒற்றுமையும் கட்டியெழுப்புவதற்காக திறன்மிகு செயற்பாடுகளில் ஈடுபட்டவர் என்பதும் குறிப்பிடத்தக்கது.

கோட்டை நாக விகாரையின் விகாராதிபதி வணக்கத்திற்குரிய மாதுலுவாவே சோபித தேரரின் இறுதிக் கிரியைகள் எதிர்வரும் வியாழக்கிழமை (12) ஶ்ரீ ஜெயவர்தனபுர கோட்டையில் அமைந்துள்ள பாராளுமன்ற விளையாட்டரங்கில் நடத்துவதற்கு தீர்மானிக்கப்பட்டுள்ளது.

இறுதிக் கிரியை இடம்பெறவுள்ள 12 ஆம் திகதி தேசிய துக்க தினமாக பிரகடனப்படுத்துவதற்கு அரசாங்கம் தீர்மானித்துள்ளது.

கோட்டை நாகவிகாரையில், கோட்டே ஶ்ரீ கல்யாணி சாமக்ஶ்ரீ தர்ம மகா சங்கத்தின் மகாநாயக்கர் வணக்கத்திற்குரிய இத்தேபானே தம்மாலங்கார தேரரின் தலைமையில், பிரதமர் ரணில் விக்ரமசிங்கவின் பங்களிப்புடன் இடம்பெற்ற கலந்துரையாடலின் போதே இந்த தீர்மானம் எடுக்கப்பட்டுள்ளது.

Most Venerable Maduluwawe Sobitha Thero has passed away this morning at a hospital in Singapore – SL Mission in Singapore confirms.

SL mission in Singapore also says that steps have already been taken to send back remains of Sobitha Thero as soon as possible to Sri Lanka. The government has also decided to conduct the funeral of Sobitha Thero with full state honours.

The remains of Thero will be brought to the country at 9.15 pm today on SriLankan flight UL309, according to Speaker Karu Jayasuriya. The government has declared a national day of mourning in view of the funeral as well. The last rites of Sobitha Thero will be held on Thursday (12) at the Parliament grounds.

Earlier, President Maithripala Sirisena after having discussions with Prime Minister Ranil Wickremasinghe has decided for the government to bear the entire cost of medical treatment provided to Chief Incumbent of the Kotte Naga Vihara, Ven.Maduluwawe Sobitha Thero.

Ven. Maduluwawe Sobitha Thero, was flown to Singapore Hospital on Tuesday (03) night for further medical treatment on the instructions of President Maithripala Sirisena. President Sirisena, who personally looked into the illness of Venerable Thero, even during his state visit to Thailand had given instructions to take necessary measures for further treatment.

Update: Remains of Ven. Sobitha Thero will be flown to Sri Lanka tonight and will be taken to the Kotte Naga Vihara at 9.00 am for public respect till 12 noon on 12 November.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares