ශිෂ්ටත්වයෙන් විශිෂ්ඨත්වය කරා සමාජය යොමු කළ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අද (24) යි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ අදවන් පුර පසළොස්වක ‍පොහොය දිනකයි.

මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සහ ලක්දිව ප්‍රථම භික්ෂුණී ආරාමය ඉදිකිරීම ඇතුළු වැදගත් ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක ‍පොහොය දිනයට ඇතුළත්වෙයි. උඳුවප් ‍පොහොය ලාංකීය කතුනට ජාතික ආගමික නිදහසක් හිමිවූ ‍පොහොය දිනක් මෙන්ම මෙරට සමාජ ආර්ථික සහ සංස්කෘතික ගමන් මග නව මාවතකට යොමු කළ ‍පොහෝ දිනක් ලෙසද සැළකෙයි. ශිෂ්ටත්වයෙන් විශිෂ්ඨත්වය කරා සමාජය යොමු කල දිනයක් ලෙස උඳුවප් පුර පසළොස්වක පොහොය ප්‍රකටය. z_p18-dumi1

ශ්‍රීපාද වන්දනා සමය ද අද ආරම්භ වෙයි. වසරේ අවසන් පොහොය දිනය ලෙස උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වෙයි.

මිහිඳු මාහිමියන් මෙරට භික්ෂු ශාසනය පිහිටුවීමෙන් පසු, දෙවනපෑතිස් රජුගේ ආරාධනයෙන් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිද්දෙන්.

එහිදී අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් පන්සියයක් දෙනා පැවිදි දිවියට ඇතුළත් වූ අතර එය මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයි.

එදින සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සමග හේමා, අග්ගමිත්තා,පබ්බතා ධම්මදාසි ඇතුළු භික්ෂූණීන් වහ්නසේ එකොළොස් නමක් හා දහඅට කුලයට අයත් ශිල්පීන් මෙරටට පැමිණි බව ශාසන ඉතිහාසය දක්වයි.
එම ශිල්පීන්ගේ පැමිණීම සමග මෙරට ගෘහ නිර්මාණ ශිල්පය, රන් රිදී ලෝහ ආදී කර්මාන්ත වර්ධනය, මෙරට සමාජයීය ආර්ථික සහ සංස්කෘතිකමය දියුණුව වඩාත් කැපී පෙනෙයි.

සංඝමිත්තා තෙරණිය, උත්තරා ,හේමා, අග්ගිමිත්තා, පබ්බතා, ආදී නම් ඇති තවත් භික්ෂුණීන් එකොළොස් නමක් ද, බෝධි ආරක්ෂක ශ්‍රේණි දහ අටකට අයත් පිරිසක් ද , සමඟ සිද්ධාර්ථ බෝසතුන්ට බුද්ධත්වය ලැබීමට මහෝපකාරි වූ බුද්ධගයාවේ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද උඳුවප් පුර පසළොස්වක පොහෝ දින දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාවට වැඩමකරවුහ.

මානව සිත් කෙරෙහි පහන් සංවේග ජනිත කරලීමට- අර්ථ පූර්ණ ගමනකට විඥානය මෙහෙය වූ බුදුසමය විෂය කරගෙන යා යුතු නියමිත ගමන් මග සමාජයට පහදා දුන්නේත් මේ උඳුවප් ‍පුන් පොහොයයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares