‘සිංහ ලේ’ මකන්න සිංහලයෙකුම එයි..

නුගේගොඩ සහ ඒ අවට වෙසෙන මුස්ලිම් ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන ගේට්ටුවල සහ තාප්පවල ‘සිංහ ලේ’ යනුවෙන් සටහන් කරමින් තීන්ත ආලේප කිරීම පිළිබඳව මේ වන විට පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම ක්‍රියාවන් පිළිබඳව මේ වන විට රහස් පොලීසියද කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි මගින් පළ කිරීමත් සමග සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නන් වැඩි දෙනෙකුම මෙම ක්‍රියාව තරයේ හෙළා දැක තිබුණා.

ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ මෙමගින් නැවත වරක් ලංකාවේ ජාතිවාදය ඇති වීමට මංමාවත් සකස් වන බවයි. මේ  සම්බන්ධයෙන්  එක්තරා සිංහල තරුණයෙකු තම ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ ‘සිංහ ලේ’ යනුවෙන් ආලේප කොට ඇති මුස්ලිම් ජනතාවගේ නිවෙස් හි ඇතුළුවන ගේට්ටුවල එම වැකිය ඉවත් කොට, තිබුණු තත්ත්වයටම පත් කොට දීමට තමා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන බවයි.

Untitled

934032_10153245806627344_8817250748405766164_n 1424328_10153245806027344_9208698349068321841_n 1462879_10153245806007344_1065595363269112767_n

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares