UPDATE : கண்டி – கொழும்பு பிரதான வீதியின் பஹல கடுகன்னாவ பகுதி தொடர்பான புதிய அறிவித்தல்

மண்சரிவு அவதானம் காரணமாக மூடப்பட்டுள்ள கொழும்பு – கண்டி வீதியின் பஹல கடுகன்னாவ பகுதி நாளைய தினம் (12) காலை 9 மணி வரை வரையில் தொடர்ந்தும் மூடப்பட்டுள்ளதாக தெரிவிக்கப்படுகிறது.

அதன்படி, குறித்த வீதியின் ஒரு மருங்கு போக்குவரத்துக்காக தொடர்ந்தும் மூடப்பட்டுள்ளதாக கேகாலை மாவட்ட செயலாளர் தெரிவித்துள்ளார்.

இதன் காரணமாக சாரதிகள் மாற்று வீதிகளை பயன்படுத்துமாறு அவர் கோரிக்கை விடுத்துள்ளார்.

නායයාමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (12) පෙරවරු 9.00 දක්වා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙන්නේ, ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත ලෙසයි.

නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රි 10 සිට නැවත දැනුම් දෙන තුරු මාර්ගය වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කළේ ය.

අද උදෑසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිලධාරීහු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම් අවදානම් ස්ථානය පරීක්ෂා කළහ.

පසුව මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් , ආපදා කළමනාකරණ නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්, යුද හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

The Road Development Authority stated that due to an earth slip, the Colombo-Kandy road which was closed at Pahala Kadugannawa will continue to be closed until 09:00 a.m. tomorrow (12).

Motorists have been advised to use alternate routes.

Previously the Kegalle District Secretary stated that one lane of the Colombo-Kandy road which was closed at Pahala Kadugannawa due to threats of earth slips will be opened from 1.00 pm today for light vehicles only.

Comments are closed.