මාවනැල්ල OICගේ වැඩ තහනම්

මාවනැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කුමාර හේරත්ගේ වැඩ තහනම් කර තිබෙනවා. 

ඒ, පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් වව්නියාව පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ සමයේ නඩු භාණ්ඩ මුදා හැරීම සම්බන්ධයෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලවයි. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාව ඉකුත් ජනවාරී මස 13වනදා ලිපියක් මගින් එය දන්වා ඇති අතර අදාල නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි. 

Comments are closed.